Skip to content
New issue

Have a question about this project? Sign up for a free GitHub account to open an issue and contact its maintainers and the community.

By clicking “Sign up for GitHub”, you agree to our terms of service and privacy statement. We’ll occasionally send you account related emails.

Already on GitHub? Sign in to your account

zස අකුර #78

Open
pathumego opened this issue Apr 10, 2023 · 5 comments
Open

zස අකුර #78

pathumego opened this issue Apr 10, 2023 · 5 comments
Labels

Comments

@pathumego
Copy link
Member

zස අකුරක් එකතු කිරීම සහ ඒ ගැන සාකච්ඡාවට මේ අවකාශය භාවිත කරමු

@Kallum-Bandara
Copy link

Kallum-Bandara commented Apr 10, 2023

සිංහල අකුරුවැළට ඉඞ්ගිරිසියේ පැනෙන z ශබ්දය නියෝජනය කරන්නට අකුරක් ඇවැසි නො වන බව මා ගේ පෞද්ගලික මතය යි. එහෙත් බොහෝ අය එ වැන්නක් ඇවැසි බව කියන නිසා ඊට සුදුසු අකුරක් නිමැවීම සුදුසු යැ යි හඟිමි. එ සේ නො වුණ හොත් අවසානයේ දී සිදු වන්නේ F ශබ්දය නියෝජනයට සිංහල අකුරු වැළට එකතු කොට ඇති 'ෆ' යන්න වැනි සිංහල අකුරු ඌරුවට නො ගැළැපෙන අකුරක් කවුරුන් හෝ හිතුවක්කාර බලධරයන් විසින් සම්මත කරනු ලැබීම යි.

මා ගේ යෝජනාව වන්නේ Z යනු 'ස' ශබ්දයේ ඝෝෂ රූපය නිසා සිංහල අකුරු වැළේ ඇති 'ස' යන්න ම යම් වෙනසකට බඳුන් කොට මෙය නිමවා ගැනීම සුදුසු බව යි. එහි දී 'ස' යන්න ලිවීම පටන් ගන්නා විදියට ම පටන් ගෙන එහි වම් පසට ඇති අත්ත නො යොදා අකුර අවසන් කරන විට දකුණු පසට අත්තක් යොදා එය සකස් කර ගත හැකි යි. එය 'ස' අකුර සමඟ පැටැළේ යැ යි කුකුසක් ඇතැමෙකුට ඇති විය හැකි යි. සිංහලය වහරන අයට එය අලුත් අද්දැකීමක් නො වේ. ව - ච, හ - භ, බ - ඛ, ත - න, ජ - ඡ වැනි උදාහරණ සිංහල අකුරු වැළේ ඇති. ඒ දකින ඇතැමෙක් "ඒවායේ අකුර රුව සමාන නමුදු ශබ්දය වෙනස් ය. ඒ නිසා Z ශබ්දයටත් 'ස' යන්නට රුවින් සමාන නො වන අකුරක් යෙදීම සුදුසු යි." වැනි අදහසක් ගෙන ආ හැකි ය. එයට කිව යුත්තේ Z ශබ්දයට 'ස' යන්න වෙනස් කොට යොදන අකුර අඳුනා ගත නො හැකි ව එය 'සz' ලෙස උච්චාරණය නො කොට 'ස' ලෙස ම උච්චාරණය කළත් බරපතළ හානියක් නො වන බව යි. එහෙත් 'ච' අඳුනාගත නො හැකි ව ඒ වෙනුවට 'ව' උච්චාරණය කළ හොත් බරපතළ හානියක් වේ. ඒ නිසා 'ස' යන්න ම සුදුසු ලෙස වෙනස් කොට එහි ඝෝෂාක්ෂරය සාදා ගැනීම සුදුසු යි කියා මම යෝජනා කරමි.

'ස' යන්න වෙනස් කොට සකස් කිරීමට මා යෝජනා කරන අකුර 'ස' යන්න පසු පසට හරවා කරන ලද්දක් නො වේ. එය 'ස' යන්න අරඹන අයුරින් ම අරඹා වම්පසට ඇති අත්ත නො යොදා 'ස' යන්න අවසන් කරන තැනින් අවසන් නො කොට දකුණු පසට අත්තක් දමා අවසන් කිරීමෙන් සාදා ගත්තකි. එය අත් අකුරින් ද ලියා බලා ප්‍රායෝගිකත්වය ද පරීක්ෂාවට ලක් කොට ඇත්තෙමි.
zz

@WelikalaDND
Copy link

I'm D. N. D. Welikala. I'm an author I have published a book regarding the matter, how to create new letter to Singhala language to read and write the correct pronunciation of 'Z' sound in the Singhala language. Name of the book is 'Helaya Jalaya Meni - I' Book is available in Sarasavi book shops island wide. I invite all who interested in this matter to go through the book. For any one who willing to contact me please leave a WhatsApp or Telegram message on 071 8 428 428 number.
120232702_351148442748407_2978890237552614893_n

278283401_697920388071209_8799519055606823399_n
119847554_350427656153819_2280515715202344426_n
120194784_353945792468672_8462535349757607518_n

@JanakaCB
Copy link

Before proceeding further, it would be better for you to evaluate all the proposed ideas. Here is a link to the post that collected (almost all, I guess) the latest discussions on Facebook, as it was the primary platform that recorded the arguments and counterarguments.

https://web.facebook.com/AMSMJCBA/posts/pfbid02wwsxJFY2WkNTxJYzZ6N8hMxbwNETZ11rhKTDXcHntjvhzLn2B3Wfjfc1UwGexrkTl

@Kallum-Bandara
Copy link

ඉහත දක්වා ඇති ලැයිස්තුවේ අකුරුවලින් ඉඞ්ගිරිසියේ පැනෙන Z අකුර සිංහලයෙන් දැක්වීමට වඩාත් ම ගැළැපෙනුයේ 'අ' යන්නෙන් දක්වා ඇති අකුර වේ.

දෙ වැන්න ලෙස 'ඇ' යන්නෙන් ඇති අකුර ද තෙ වැන්න ලෙස 'ඌ' යන්නෙන් ඇති අකුර (මඳ සංශෝධනයක් සහිත ව) ද තෝරමි.

අනික් අකුරු කිසි සේත් ම සුදුසු නො වේ. ඒ බව ඒ අකුරු නිමැවූ අය ද තේරුම් ගත යුතු වෙති. රටට යමක් කැරුමේ දී අප තෝරා ගත යුත්තේ වඩාත් ම සුදුසු දේ විනා තමන් විසින් යෝජිත දේ ම නො වේ.

*'ඌ' යන්නෙන් දක්වා ඇති අකුර මෙ සේ සංශෝධනය විය යුතු යි.

z

Sign up for free to join this conversation on GitHub. Already have an account? Sign in to comment
Labels
Projects
None yet
Development

No branches or pull requests

4 participants